Pages

Monday, November 20, 2017

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට එයි

Image result for ranil wickramasingheඅග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති  විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණ තිබේ.

කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන්  යොමු කළ ලිඛිත පිළිතුරුවලට අදාළව වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා අග්‍රමාත්‍යවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින බව වාර්තා වෙයි.

අදාළ කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බව අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දැනුම් දී තිබුණි.

අද දිනයේ අග්‍රමාත්‍යවරයා සමඟ මැති ඇමතිවරුන් පිරිසක් ද කොමිසන් සභා පරිශ්‍රයට පැමිණ සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන මස 08 වනදා වන විට ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
 
බැඳුම්කර ගනුදෙනුවට අදාළව ලිඛිත ප්‍රශ්නාවලියක් කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව එම ප්‍රශ්නාවලියට ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු යවා ඇති අතර මෙම පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස බැඳුම්කර කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් බැඳුම්කර ගනුදෙනුවට අදාළව පමණක් මෙහිදී ප්‍රශ්න කෙරෙන බව බැඳුම්කර කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී තිබේ.

මේ අතර අද දිනයේ සාක්ෂි විමසනු ලැබුවේ නීතිපතිවරයා විසිනි.

නීතිපති ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයෙකු තම පාලන කාලය තුළදී එවැනි ප්‍රකාශයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බවයි.

0 comments:

Post a Comment