Pages

Featured Posts

Friday, November 24, 2017

ගයත්‍රි ඩයස් ඇත්තටම පිටරට පදිංචියට යනවද?

ප්‍රසිද්ධ නිළි ගයත්‍රි ඩයස් විදේශ රටක පදිංචිය සඳහා යන බවට, පසුගියදා විවිධ අදහස් පළවුණා.

ඒ සම්බන්ධයෙන් වන සත්‍ය කතාව හිරු ගයත්‍රිගෙන් විමසුවා.

එහිදී අදහස් පළ කළ ඇය මෙලෙස කියාසිටියා.

"දැන් ඔය කතාව තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. මං එළියට බැස්සොත් කට්ටිය අහන්නේ ආ.. ගයත්‍රි ඔයා තාම ලංකාවේද? කියල. මගේ බලාපොරොත්තුවක් තිබුණ දුවල දෙන්නත් එක්ක පිටරටක පදිංචියට යන්න. ඇත්තටම අපි පෙබරවාරි මාසේ යනවා. ගිහිල්ල පොඩි දෙන්නගේ වැඩකටයුතු ටික කරලා ආයෙ එනවා. මොකද මට ජනවාරි මාසෙත් චිත්‍රපටයක රඟපාන්න තියෙනවා එරංග සේනාරත්නගේ. ඊට පසු මාස වලදිත් භාරගත්ත වැඩ වගයක් තියෙනවා. ඒක නිසා ගිහිල්ල එන්නෝන ඉතිං. ලංකාව දාල යන්න බැහැ."

රිදී තිරයේ රඟපෑම තම හීනය බවද එය බොහෝ දුරට සාර්ථක කරගැනීමට මේ වනවිට හැකිවී ඇති බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව ඇය ප්‍රධාන චරිතය නිරූපනය කරන චිත්‍රපට 3ක් දැකගැනීමට, ගයත්‍රිට ආදරේ කරන රසික රසිකාවියන්ට ඉදිරියේදී හැකියාව ලැබෙනවා.

හමුදාවෙන් අද සිට විශේෂ මෙහෙයුමක්

Image result for sri lanka army special forcesනිවාඩු නොලබා යුද හමුදාව හැරගොස් සිටින 28,000 කට වැඩි හමුදා සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතයි. 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ ඊයේ දිනයෙන් ඒ සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අවසන් වූ බවයි. 

එම කාලය තුළ හමුදා සාමාජිකයින් 11,358 දෙනෙකු යළි භාර වී තිබෙනවා. 

කෙසේ වෙතත්, භාර නොවුනු සෙසු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Monday, November 20, 2017

ඛණිජ තෙල් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

සජිත් තිලකරත්න

ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබුණා. 
එහෙත් එම සියලූ රාවයන් අසත්‍ය බවයි ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ අවධාරණය කළේ. 

ඒ අනුව රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛණිජ තෙල් අමාත්‍යංශය අවධාරණය කරනවා. එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් පමණක් මෙටි‍්‍රක් ටොන් 27,497ක් මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා සංකීර්ණවල ගබඩා කර තිබෙනවා. රට පුරා ඇති ඉන්ධන ගබඩා සංකීර්ණ 11ම මේ වනවිට පිරී පවතින බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ඉන්ධන හිඟයක් ඇති බවට වැරදි ප‍්‍රචාර පැතිරවීම බරපතල ගැටළුවක් වී ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා. මෙරට දෛනික පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2500ත් 2700ත් අතර වනවා.

ජීවිත රැසක් වෙනුවෙන් මරණය වැළඳගත් ලංගම රියදුරාගේ පවුලේ අය කබලෙන් ලිපට වැටෙයි



තම ජීවිතය පූජා කර මගීන්ගේ ජීවිත රැසක් බේරාගත් බණ්ඩාරවෙල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරු එච්.එම්.කීර්ති බණ්ඩාර පත්මසිරි මහතා ගැන ඔබට මතක ඇති. මොහු මියගියේ 2017.10.01 දින හපුතලේ උඩ විහාරගල වංගුව අසලදීයි.
මේ ඒ මහතාගේ පවුලේ අය කියූ කතාවක් පුවත්පතක සඳහන් වූ ආකාරයයි.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පාලනයෙන් ගිලිහුණු බස්රිය හපුතලේ දැඩි වංගු සහිත පල්ලම් ප්‍රදේශය ඉවුරකට අල්ලා කීර්ති බණ්ඩාර පත්මසිරි තම ජීවිතය පූජා කර මගීන් බේරා ගත්තේය. ඔහු මිය ගොස් දැනට මාසයකට වැඩි කාලයකි. ඔහුගේ පවුලේ සුවදුක් සොයා බැලීමට අපි පසුගිය දිනක ඔහුගේ නිවෙසට ගොඩ වැදුණෙමු.
එහිදී අදහස් දැක්වූ මිය ගිය කීර්ති බණ්ඩාර පත්මසිරි මහතාගේ බිරිය ටී.එම්. ප්‍රියංකා විජයනිල්මිණී (37) මහත්මිය මෙසේ කීවාය.
“මගේ මහත්තයා මැරුණේ ජීවිත ගණනාවක් බේරාගන්න ගිහින්. අපට ඉන්නේ දුවයි,පුතයි. පුතා වල්හපුතැන්න ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබනවා. දුව ඉගෙන ගන්නෙ මරංගහවෙල ප්‍රාථමික විද්‍යාලයේ දෙක වසරේ. මහත්තයා නැති වීම නිසා දැන් අපි අසරණ වෙලා. මේ ගේ හදා ගන්න රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක් විතර ගත්තා. අපට දැන් ණය ගෙවන්න විදියක් නැහැ. දරුවො දෙන්නාට උගන්වන්නත් ඕනි. ණය මුදලෙන් නිදහස් වෙන්නත් ඕනි. ඒ නිසා කවුරු හරි අපට උපකාර කරනවා නම් ලොකු පිනක්. අධ්‍යාපන අමාත්‍යංශය ආරම්භ කරපු සිසුන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළෙන් දුවට රුපියල් හැත්තෑ පන් දාහක රක්ෂණ මුදලක් ලැබුණා. ඒකත් ලොකු උදව්වක්”.
මියගිය අයගේ නැගණිය වන එච්.එම්.සුනේත්‍රා මැණිකේ (40) මහත්මිය
“අයියගේ මරණින් පස්සේ නංගී සහ දරු දෙදෙනා අසරණ තත්ත්වයට පත් වෙලයි ඉන්නේ. විශේෂයෙන්ම බැංකුවෙන් ගත්ත ණය මුදල නිසා ඒ අයට කර කියා ගන්න දෙයක් නැහැ. මේ පිළිබදව කවුරු හෝ අවධානය යොමු කරනවා නම් හොදයි.
මිය ගිය අයගේ පුත් වල්හපුතැන්න ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන හර්ෂ නිමන්ත බණ්ඩාර
“තාත්තගේ අභාවයෙන් පස්සේ අපි ඉතා අසරණ තත්ත්වයට පත් වුණා. නංගීයි මාවයි පාසල් යවන්න අම්මා දැඩි වෙහෙසක් දරනවා. අම්මාට රැකියාවක් නැහැ. තාත්ත ගේ හදන්න ගත්ත ණය මුදල නිසා අම්මා හරි බයෙන් ඉන්නේ.
මරංගහවෙල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක වූ චන්ද්‍රා හේවා විතාරණ මහත්මිය
“කීර්ති බණ්ඩාර මහතාගේ මරණෙන් පස්සේ මේ අය අසරණ භාවයට පත් වෙලා. අපේ පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබන මිය ගිය අයගේ දියණිය දයානි බණ්ඩාර සිසුවියට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා ආරම්භ කළ සිසු රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් ලැබුණා. අධ්‍යාපන අමාත්‍යංශයේ සිසු රක්ෂණ වැඩි පිළිවෙල යටතේ පළමු රක්ෂණ මුදල තමයි ඒ සිසුවියට ගෙව්වේ. මේ දරුවන්ගේ තාත්තා හරි නිහතමානි කෙනෙක්. අම්මත් ඒ වගේමයි. කවුරු හරි ඉදිරිපත් වෙලා මේ අසරණ පවුලට උදවු කරනවා නම් ලොකු පිනක්.
උපුටා ගැනීමකි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට එයි

Image result for ranil wickramasingheඅග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති  විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණ තිබේ.

කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සම්බන්ධයෙන්  යොමු කළ ලිඛිත පිළිතුරුවලට අදාළව වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා අග්‍රමාත්‍යවරයා අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින බව වාර්තා වෙයි.

අදාළ කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බව අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දැනුම් දී තිබුණි.

අද දිනයේ අග්‍රමාත්‍යවරයා සමඟ මැති ඇමතිවරුන් පිරිසක් ද කොමිසන් සභා පරිශ්‍රයට පැමිණ සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන මස 08 වනදා වන විට ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.
 
බැඳුම්කර ගනුදෙනුවට අදාළව ලිඛිත ප්‍රශ්නාවලියක් කොමිසම විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව එම ප්‍රශ්නාවලියට ද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු යවා ඇති අතර මෙම පිළිතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස බැඳුම්කර කොමිසමට කැඳවා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් බැඳුම්කර ගනුදෙනුවට අදාළව පමණක් මෙහිදී ප්‍රශ්න කෙරෙන බව බැඳුම්කර කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී තිබේ.

මේ අතර අද දිනයේ සාක්ෂි විමසනු ලැබුවේ නීතිපතිවරයා විසිනි.

නීතිපති ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයෙකු තම පාලන කාලය තුළදී එවැනි ප්‍රකාශයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බවයි.